Latest News

මව්කිරි මගින් බිළිඳුන්ට කොවිඩ් සම්ප්‍රේෂණය වෙන්නේ නෑ

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ්‍රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මව්කිරි ඔස්සේ බිළඳුන් වෙත කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය නොවන බව එහිදී අනාවරණය වී ඇත.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලය විසින් කිරි ලබාදෙන මව්වරුන් 110 දෙනෙකු යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබුණා.

කෙසේවෙතත් මව්කිරි ඔස්සේ කොවිඩ් වෛරසය අඩංගු RNA ළදරුවාට සම්ප්‍රේෂණය වී ඇති බව මෙම පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

පර්යේෂකයන් පවසන්නේ එසේ සම්ප්‍රේෂණය වුවද ළදරුවාට කොවිඩ් නොවැළඳීම විමතියට කරුණක් බවයි.