උත්සවවලට සහභාගී වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යයි
ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ස්ථාන හා උත්සවවලට සහභාගී වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගම්පහ කොවිඩ් කමිටුවේ අවධානය යොමු කර තිබෙනවා.
ඊයේ (24) මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ 1,452,709 දෙනෙක් කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවත් බූස්ටර් එන්නත ලබා ගෙන ඇති ඇත්තේ 422,733ක් පමණක් බවත් එහිදී හෙළිව තිබුණා.