17 හැවිරිදි සිසුවෙකු සුදු ගඟේ දිය නෑමට ගොස් අතුරුදන් වෙයි
රත්තොට සුදු ගඟේ ජමන්වත්ත නාන තොටුපළෙහි දියේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදන්ව තිබෙනවා.
මිතුරන් දෙදෙනෙකු සමග දිය නාමින් සිටි 17 හැවිරිදි සිසුවෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කළා.
මේ වන විට පොලීසිය, යුද හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව අතුරුදන්වූ සිසුවා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධ රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.