Latest News

වෛද්‍ය සිසුන් 7කට දිවි අහිමි කළ මාරක රිය අනතුර

රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 7 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුව ඇත.

අනතුරින් මියගිය වෛද්‍ය සිසුන් අතර භාරතීය ජනතා පක්ෂයේ මහාරාෂ්ට්‍ර ව්‍යස්ථාදායක සභාවේ මන්ත්‍රීවරයෙකු වන vijay rahangdaleගේ පුත්‍රයාද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන් විභාගයකට මුහුණදීමෙන් අනතුරුව මෙලෙස ඔවුන් සුඛෝපභෝගී ජීප් රථයකින් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්ව ඇත.

නාගපූර් සහ තුල්ජපූර් අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.