Latest News

කටාර්හිදී වෙඩි ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

කටාර්, දෝහා හි අල් – වාබ් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් වෙත අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ යොවුන් යුවළක් වැළැක්වූ ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය (26) බදාදා රාත්‍රියේ තවත් තරුණියක සමඟ වාහනයකින් පැමිණි කටාර් තරුණයෙකු මෙම නිවාස සංකීර්ණයට ඇතුලුවීමට උත්සාහ කර ඇත.

මෙහිදී ඔවුන් නිසි හැඳුනුම් පත්‍රයක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන්, ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියා ඔවුන්ට ඒ සඳහා අවසර ලබාදී නොමැත.

එහිදී එම තරුණයා ආරක්ෂක නිලධාරියා වෙත වෙඩි තබා පලාගොස් තිබෙනවා.

ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තවත් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.

පසුව එම සැකකාර තරුණයා අත්අඩංගුවට ගනු ලැබූ බව දෝහා ප්‍රවෘත්ති සේවා සඳහන් කළා.