යාන්ත්‍රික කියතකින් කපා පුද්ගලයෙකු ඝාතනය කෙරේ
දෙදෙනෙකු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකුගේ කකුල් දෙක, ගස් කපන යාන්ත්‍රික කියතකින් කපා බරපතළ තුවාල සිදුකර ඝාතනය කර තිබෙනවා.
කටුගස්තොට පොලිස් වසමේ මහංගොඩ ප්‍රදේශයේදී ඊයේ (30) දහවල් එම ඝාතනය සිදුව ඇත.
මෙලෙස ඝාතනය වී ඇත්තේ, 32 හැවිරිදි පොහොලියද්ද, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු ඝාතනය සඳහා යොදාගත් යාන්ත්‍රික කියත ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 54 හැවිරිදි මහංගොඩ, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.