Latest News

සතොසෙන් පොල් 75ට

සතොස මගින් ලොකු පොල් ගෙඩියක් රුපියල් 75ක උපරිම මිලකට අද (31) සිට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරිය සමග ගිවිසුමට අත්සන් තැබීමද එහිදී සිදු කෙරුණා.

මෙහිදී එක් පාරිභෝගිකයෙකුට එකවර පොල් ගෙඩි 05ක් මිලදී ගැනීමට අවස්ථාව ලබාදී ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළා.