තියුණු ආයුධයකින් පහරදීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මරුට
මාලඹේ කැකිරිහේන, පොතුආරව තලංගම ප්රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙහිදී පොලීසිය සඳහන් කළේ, තියුණු ආයුධයකින් පහරදීමෙන් සිදු වු බරපතළ තුවාල හේතුවෙන් කොස්වත්ත රෝහලට ඇතුළත් කිරීමේ දී ඔහු මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු ප්රදේශයෙන් පළාගොස් ඇත.
සැකකරු සෙවීම සඳහා තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.