Latest News

දින 14කට පසුවත් කොවිඩ් වෛරසය ව්‍යාප්ත විය හැකියි

කොවිඩ් ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට දින 14කින් පසුවත් වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

බ්‍රසීලය පාදක කරගෙන කොවිඩ් ආසාදිතයින් 38දෙනෙකු යොදා, ප්‍රංශ සහ බ්‍රසීල විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණයක දී මෙම කරුණු පැහැදිලිවී ඇත.

ඇතැම් රෝගීන්ගේ සිරුරේ දින 71ත් 232ත් අතර කාලයක් වෛරසය පැවතිය හැකි බව ද විද්‍යඥයින් පෙන්වා දෙනවා.

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරට සමාජය පුරා පැතිරෙමින් තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

අඛණ්ඩව තෙවන දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (01) දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 1137 දෙනෙකු මෙරටින් වාර්තා වුණා.