Latest News

නිදහස් සැමරුමට මස් කඩ හා සුරා සැල් වැසෙයි

74 වන නිදහස් දින සැමරුම් උළෙල නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස 4 වන දිනට යෙදෙන නිදහස් දින සැමරුම් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා එදින දිවයින පුරා ඇති සුරා සැල් සහ බලපත්‍ර හිමි සෙසු සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබෙනු ඇත.

එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ, එදිනට මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් ද වසා තබන ලෙසයි.