පාසල් නිවාඩුව ගැන රජයෙන් නිවේදනයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වීම සඳහා පෙබරවාරි මස 07 වනදා සිට සියලුම පාසල් නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම තීරණය රජයේ මෙන්ම රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ද අදාළ බවයි.
නැවත පාසල් ආරම්භය මාර්තු මස 07 වනදා සිදුකෙරෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.