අරුන්දික, අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි – ඇමති පුත් රක්ෂිත බන්ධනාගාරයට
තමා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.
මේ අතර රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ට ද චෝදනා එල්ලවී තිබෙනවා.
රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 6 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සැකකරුවන් අද (03) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී පෙබරවාරි 07 වනදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කෙරුණා.
රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට යම් පිරිසක් විසින් ඊයේ (02) පහරදීමක් සිදුකර තිබුණා.
එහිදී පොලිසිය සඳහන් කළේ, පිටතින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබු සරසවි සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර එක් අයෙක් මීගමුව රෝහලට යොමු කර තිබුණා.