ලොව පළමු DNA කොවිඩ් එන්නත ඉන්දියාවේ ලබා දෙයි
ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත පුද්ගලයන් වෙත ලබාදීමේ වැඩසටහනක් ඉන්දියාවේ ක්‍රියාත්මක වනවා.
ඉන්දියාවේ සයිඩස් කැඩ්ලා සමාගම නිෂ්පාදනය කරන ලද සයිකොව්- ඩී එන්නත , ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත වේ.
වෛරසයේ ජානමය කොටසක් යොදාගනිමින් නිපදවා ඇති මේ එන්නත මාත්‍රා තුනකින් යුක්තය.
පළමු මාත්‍රාව ලබාගෙන දින 28කින් දෙවන මාත්‍රාවත් ඊට දින 56කට පසු තුන්වැනි මාත්‍රාවත් වශයෙන් එය ලබාදෙයි.
මේ එන්නත බිහාර් ප්‍රාන්ත වැසියන්ට ලබාදීම ඉකුත් සිකුරාදා ආරම්භ කළා.