Latest News

එන්නත ලබාගත් ගර්භණී මව්වරුන් බිහිකළ දරුවන් තුළ කොවිඩ් ප්‍රතිදේහ

ගර්භණී සමයේ කොවිඩ් මර්දන එන්නත ලබාගත් මව්වරුන් බිහිකළ දරුවන් තුළ කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බව නවතම පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

සය මසක් වයසැති බිළිඳුන් 28 දෙනෙකු යොදාගෙන අමෙරිකානු ආයතනයක් එම පර්යේෂණය සිදුකර තිබුණා.

මෙහිදී සැලකිල්ලට ගත් මව්වරු ගර්භණී කාලයේදී mRNA කොවිඩ් මර්දන එන්නත් ලබාගත් අය බව වාර්තා වෙයි.

එහිදී අනාවරණය වුයේ ගර්භණී සමයේදී කොවිඩ් මර්දන එන්නත් ලබාගත් මව්වරුන් බිහිකළ දරුවන්ගෙන් 57%ක ගේ සිරුරේ කොවිඩ් වෛරසයට් එරෙහි ප්‍රතිදේහ ඇති බවයි.

මේ අතර ගර්භණී සමයේදී කොවිඩ් වැළඳුනු මව්වරු බිහිකළ මාස 6ක් වයසැති දරුවන් 12 දෙනෙකු යොදාගෙන මෙහිදී සංසන්දනය කර තිබෙනවා.

ඒ අනුව එම දරුවන් අතරින් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබුණේ සියයට 8% ක් තරමේ සුළු පිරිසකට වීම විශේෂත්වයක්.