කුසල් මෙන්ඩිස්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාට කොවිඩ්
ඕස්ට්‍රෙලියාවේ තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව ලබන 11 වැනිදා ආරම්භ වන මෙම සංචාරයේ පළමු තරගය කුසල් මෙන්ඩිස්ට අහිමිවනු ඇත.
සංචාරයට පෙර කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඕස්ට්‍රෙලියාව බලා පිටත්ව වීමට නොහැකි වූ චාමික කරුණාරත්න දැන් සුවය ලබා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වී සිටිනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාටද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.