දිවයින පුරා පැවති සෞඛ්‍ය වර්ජනය මැද මෙලොව එළිය දුටු නිවුන්නු ….
දින කිහිපයක් පුරා පැවති හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වැඩවර්ජනය අතරතුර අනපේක්ෂිත මොහොතක සිදුවූ නිවුන් දරු උපතක් පිළිබඳව පස්සර දිසා රෝහලෙන් වාර්තා වෙනවා.
හෙද සහ වෛද්‍ය වෘත්තී සමිති 18ක් වැඩවර්ජනය දියත් කරමින් සිටියදී පස්සර දිසා රෝහලට ඇතුලත් කළ 28 හැවිරිදි ගර්භණී මවක් මෙලෙස අනපේක්ෂිත ලෙස සිය නිවුන් දරුවන් බිහිකර තිබෙනවා.
එම රෝහලේ නොමේරූ ළදරු දැඩිසත්කාර ඒකකයක් නොමැති වීම නිසා මෙම බිළිඳුන්ගේ ජීවිත අවදානමකට පත්වූ බවත් ප්‍රසූතියට නියමිත කාලය සම්පූර්ණ වීමටත් පෙර මෙම දරු උපත සිදුවීම නිසා රෝහලේ සිටි සීමිත වෛද්‍ය කණ්ඩායම අභියෝග රැසකට මුහුණ දුන් බවත් සඳහන් වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.
නොමේරු ලදරු එකකයේ ජේශ්ඨ වෛද්‍ය චමිල රත්නායක ගේ දුරකථනයට ඇමතුම පස්සර රෝහලේ දිසා වෛද්‍ය චානක ගන්කන්ද ගෙනි.. කියවුනේ 28 හැවිරිදි මවක් සති 28 ක නිවුන් දරු උපතක් සිදුකළ බවත්, අනපේක්ෂිත සිදුවීමක් උවත් තමන් සතු නිපුණතාවය සහ වෛද්‍ය සදීෂ සහ අනෙකුත් හෙද කාර්යමන්ඩලයේ උපකාරයෙන් දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව මෙලොවට ගත්තත් ඔවුන් හුස්මගැනීමේ අපහසුතාවයෙන් පෙලෙන බවත්ය .
අනතුර තේරුම් ගත් ඔහු තම සගයා ඇමතීය.. ඒ වෛද්‍ය ගිහාන් හෙට්ටිආරච්චි ය. ඔහු ක්‍රියාත්මක විය.. නොමේරු ළදරුවන් ප්‍රවාහනයට අවැසි incubator සහ අනෙකුත් උපකරණ සුදානම් කරන තෙක් බලා නොසිටි වෛද්‍ය ගිහාන්, තම පුද්ගලික මොටර් රියෙන් බිලිදුන්ට ස්වසනය ලබාදීමට අවැසි උපකරණ ද රැගෙන 20km කට වඩා දුරක් පියඹන්නට විනි.. හදිසි ප්‍රතිකාර එකකයේ වෛද්‍යවරුන් 9න් 6ක් ම කොරෝනා අකර්මණ්‍ය කර ඇත..
එහෙත් ජංගම දුරකථන හරහා සියල්ල කලමනාකරණය කළෙමු.. අපද අසරණය…
නමුත් වෛද්‍ය ගිහාන් ක්‍රියාත්මකය.. ගමන අනතුරුදායකය නමුත් විනාඩි 25ක් වැනි කෙටි කාලයකදී ඔහු පස්සර රෝහලට ලඟාවී දරුවන් දෙදෙනාට ශ්වසන උපකරණ සවිකිරීමට සමත් විනි..
දැන් බිලිඳුන් ආරක්ෂිතය..
මීලග කාර්ය වන්නේ බිලිඳුන් ආරක්ෂාව සහිතව බදුල්ල රෝහලට ගෙන ඒමය.. විනාඩි කිහිපයක් තුළ පහසුකම් සහිත ගිලන් රියක් බදුල්ල රෝහලෙන් පැමිණියේ වෛද්‍ය උදාර ,වෛද්‍ය තුසිත සහ හෙද ,සහායක කාර්යමන්ඩලය සමගය. වහාම ඔවුන් බදුල්ල රෝහලේ නොමේරු ළදරු ඒකකය වෙත ගෙන එන ලදී..
මේ සියල්ල පසුපසින් සිට සියලුම උපදෙස් ලබාදුන් ළමාරෝග වි.වෛද්‍ය සේනක ගුණතිලක මහතා සියලුම කාර්යමන්ඩලයේ සහයෙන් දරුවන් සුවපත් කිරීමේ කාර්යයේ මේ මොහොතේ පවා යෙදී සිටියි. වර්ජනයක් පවතින මොහොතේ සියල්ල අමතක කොට හෙද කාර්යමන්ඩලයේ දායකත්වය සුවශේෂී නොවේද ?
1.පලමු වීඩීයෝව දරුවන් හුස්මගැනීමේ අපහසුතාවයෙන් සිටි ආකාරයත් ..
2.ඔවුන් ප්‍රවාහනය කළ අයුරුත්.. අවසානයේ බිලිඳුන් දැන් සිටින ආකාරයත් ..
ඉතින් ගිහාන් මල්ලියේ
ඇත්තටම …
නුඹලා …
කියන්න වචන නැත..
මට දැනෙන්නේ..
ඒක කියන්නත් වචන නැත .. …..
මගේ එවුන් එසේය.. ..
1190g …
1040g. …
උපත්බර සහිතව දිසා රෝහලක උපතලත් බිලිඳුන් සහ මව දැනට නිරුපද්‍රිතව ඇත..
එ කිරුළු නොපලන්. …
මහපොවේ ජීවත්වෙන. …
මගේ උන්ගේ කැපවීමය
…..වෛද්‍ය පාලිත ..