උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න – නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ
කොවිඩ් 19 වෛරසයට අමතරව මේ දිනවල ඩෙංගු හා වෛරස් උණ රෝගයක් ද පැතිර යන බැවින් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස යන රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට පියවර ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කලේ,උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස යන රෝගී තත්ත්වයන් පවතින පුද්ගලයින් සෙසු පුද්ගලයින් සමග ගැවසීම හැකිතාක් අවම කළ යුතු බවයි.
“මේ මොහොතේ බොහෝ වෙලාවට අපිට ප්‍රධාන රෝග තුනක් ගැන සැලකිල්ලට ගන්න සිද්ධ වෙනවා. පළමුවෙනි එක තමා අපි කවුරුත් දන්න කොවිඩ් රෝගය. දෙවැනි එක මේ දවස්වල ඩෙංගු රෝගයත් හැමතැනකම වගේ හිස ඔසවලා තියෙනවා. තුන්වනුව සාමාන්‍යයෙන් ඕනෑම අවස්ථාවක පැතිරෙන්න පුළුවන් සාමාන්‍ය වෛරස් උණක් වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ සියල්ලගෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කරන සෑම අවස්ථාවක දීම ඒ පිළිබඳව ඉතාමත් සැලකිලිමත්ව සිටීම වැදගත් වෙනවා. එහෙම නැතුව මේක ඒක නෙමෙයි, ඒක මේක නෙමෙයි කියලා අපි නොසලකා හැරීම මේ වෙලාවේ කොහෙත්ම නොකළ යුතු දෙයක්. පැය 48කට වඩා උණ තිබේ නම්, මේක ඩෙංගු රෝගය ද කියලා බලාගැනීමට අවශ්‍ය කරන පරීක්ෂණ කරවා ගැනීම ඉතාමත් ම වැදගත් වෙනවා. එසේ නොකර සමාජයට පැමිණීම මම හිතනවා නොකළ යුත්තක්. විශේෂයෙන් තමන්ට උණක්, හෙම්බිරිසාවක්, කැස්සක් වගේ රෝග ලක්ෂණයක් තියෙනවා නම් ඒ රෝග ලක්ෂණ පහ වෙනතුරු තමන් වෙන්වී සිටීම වැදගත් වෙනවා.”