Latest News

පහරදීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු මරුට

තංගල්ල ප්‍රදේශයේ දී පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

මෙහිදී පොලීසිය සඳහන් කලේ,නිවාඩු ගොස් සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා ඊයේ රාත්‍රියේ වෙළඳසැළකට ගිය අවස්ථාවේදී පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල – විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.

මෙම පැහැදීමෙන් පොලිස් නිලධාරියාගේ සහෝදරයෙකුද තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.