Latest News

දිවයින පුරා විදුලිය කප්පාදුවක්

අද (21) දිනයේ දී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි එහි සභාපති ජනක රත්නායක සඳහන් කලේ.

එමෙන්ම, දකුණු පළාතේ පමණක් පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ, මේ වනවිට පැවැත්වෙන උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙරවරු 8.30 සිට 11.30 අතරත්, පස්වරු 1.30 සිට 4.30 අතර කාලයේ දී විදුලි කප්පාදුවක් සිදු නො කරන ලෙසට ඉල්ලීම් ලැබී ඇති බවයි.