Latest News

රටේ ඉන්ධන හිඟයක්

පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට මේ වන විට ඉන්ධන සැපයීම සීමා කිරීමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

හංවැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ, රටේ පවතින ඩොලර් අර්බුධය හේතුවෙන් වරායට පැමිණ ඇති ඉන්ධන නැව් නිදහස් කර ගැනීමට නොහැකිවී ඇති බවයි.

මේ අතර ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් නොකළ හොත් ඩීසල් ලීටරයක් රුපියල් 52 කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 19 කින් ඉහළ දැමීමට සිදු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස අමාත්‍යවරයා මීට දින දෙකකට පෙර මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.