Latest News

රුමේනියාවේදී, ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මරුට

රුමේනියාවේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අසේල බණ්ඩාර නමැති දෙදරු පියෙක් හා බේරුවල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ගයාන් සම්පත් නමැති එක් දරු පියෙක්.

රුමේනියාවේ අරාඩ් හෝරියා ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අදාළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සේවයේ නිරතව සිට ඇත.