ටිපර් රථ අනතුරකින් 11 හැවිරිදි දැරියක් මරුට
ඊයේ (22) උදැසන හම්බන්තොට, මීගහජදුර මාර්ගයේ විදුලි උපපොළ අසල සිදු වූ රිය අනතුරකින් 11 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මල්පෙත්තාව, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි දැරියක්.
මීගහජදුර දෙසට ධාවනය වූ ටිපර් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙහිදී පොලීසිය සඳහන් කලේ, ටිපර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හම්බන්තොට පොලීසිය සිදුකරනවා.