Latest News

33 හැවිරිදි තරුණියක් ලොරි රථයක ගැටී මරුට

මහනුවර , යාපනය මාර්ගයේ පුදුකුලම් හංදිය අසල දී සිදුවූ රිය අනතුරකින් 33 හැවිරිදි තරුණියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙහිදී පොලීසිය සඳහන් කලේ,සිය පියා සමඟ අදාළ තරුණිය බස් රථයට ගොඩවන අවස්ථාවේදී බස් රථයට පිටුපසින් පැමිණි ලොරි රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව අදාළ තරුණියගේ හා පියාගේ ගැටී අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ 60 හැවිරිදි පියා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර තරුණිය එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්ව තිබුණා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කනගරායන්කුලම් දකුණ ප්‍රදේශයේ පදිංචි ශිවසුබ්‍රමනියම් සින්දුජා නැමැති තරුණියයි.

ලොරි රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කනගරායන්කුලම් පොලීසිය විසින් සිදුකරනු ලබනවා.