Latest News

පාසල් මිතුරියව ගැබිණියක් කළ 15 හැවිරිදි සිසුවා

ජංගම දුරකථනයෙන් අසභ්‍ය වීඩියෝ පට නරඹා 14 හැවිරිදි දැරියක් ගැබිණියක් කළ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වන විට අදාළ දැරිය 7 මස් ගැබිණියක් වන අතර ඇය රෝහල් ගත කර තිබෙනවා.

දැරිය විසින් තමන්ට උදරාබාධයක් නිරතුරුවම හට ගන්නා බව මවට පැවසීමෙන් අනතුරුව දැරියගේ මව විසින් මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයෙකු වෙත දැරිය ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී සිදු කරන ලද පරීක්ෂාවේ දී අදාළ දැරිය ගැබිණියක් බවට අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනාම එකම පාසලක 10 වන සහ 11වන වසර වල අධ්‍යාපනය ලබන අතර නවගමුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.

සැකකාර සිසුවා ගේ මව්පියන් රුපියල් 27000 මුදලකට මිලදී ගත් ජංගම දුරකථනය සිසුවාට මීට මාස කීපයකට ඉහතදී ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදී තිබු බව විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

එමගින් අන්තර්ජාලය හරහා අසභ්‍ය වීඩියෝ නැරඹීමට පුරුදුව සිටි සිසුවා දැරිය සමග ඒ අයුරින් සිට ඇති බව සැකකාර සිසුවා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වූ බව පොලීසිය සඳහන් කළා.

ඔවුන් දෙදෙනාටම ඔවුන් සිදුකළ ක්‍රියාවේ බරපතළ බව පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බවත් ඒ හේතුවෙන් මෙලෙස හැසිරී ඇති බවත් ඔවුන් දෙදෙනා සමඟ සිදුකළ ප්‍රශ්න කිරීමේදී තහවුරු වූ බව විමර්ශන මගින් අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් මේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ද නොතිබූ බව පොලීසිය විසින් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී වැඩිදුරටත් තහවුරුවී තිබෙනවා.