මතුගම ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට
මතුගම ප්රදේශයේ පදිංචි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් 15 දා අදාළ නිවසට ඇතුළු වූ නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම කාන්තාවගේ හිසට වෙඩිතබා ඝාතනය කර තිබුණා.
මියගිය කාන්තාව මතුගම ගාමිණී මාවත ප්රදේශයේ පදිංචි චන්දිමා දිල්හානී පෙරේරා නමැති 40 හැවිරිදි තිදරු මවක්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව මෙම ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල ලබාදීම හා කුමන්ත්රණය කිරීම යන කරුණු මත ඊයේ (24) රාත්රියේ නුගේගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකාර කාන්තාව මතුගම ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය හා මතුගම පොලීසිය විසින් සිදු කරනවා.