වැල්ලවත්ත නිවාස සංකීර්ණයක තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි
වැල්ලවත්ත ප්රදේශයේ මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ සැක කටයුතු ලෙස මියගොස් ඇති කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.
මෙහිදී පොලීසිය සඳහන් කලේ, අදාළ කාන්තා මළ සිරුර විදෙස් ජාතික කාන්තාවකගේ බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ, 66 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක් වන අතර ඇය කුළි පදනම මත එම මහල් නිවාස සංකීර්ණයේ රැඳී සිට තිබෙනවා.
අදාළ කාන්තාව 37 හැවිරිදි ශ්රී ලාංකිකයෙකු සමඟ එම නිවසේ රැඳී සිට ඇති බවට අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධ විමර්ශනවලදී සැකකාර පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වැල්ලවත්ත පොලීසිය සිදු කරනවා.