Latest News

නුවරඑළියේ අඹුසැමි යුවල මරණයට පත් වුයේ විෂ වායුවකින්ද ?

කුරුණෑගල ගොකරැල්ලේ සිට නුවරඑලියයේ සංචාරකයක් සදහා පැමිණි පිරිසක අඹුසැමි යුවළක්, ඔවුන් නවාතැන් ගත් හෝටලයේ කාමරය තුළ මියගොස්ව සිටියදී සොයාගෙන තිබෙනවා.

මෙම මරණය සිදුව ඇත්තේ, කාමරය තුළ තිබූ “බාබකියු” උදුනෙන් පිටවූ විෂ දුමාරය ආඝ්‍රාහණය වීමෙන් බවට සැක කෙරේ.

මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි අජිත් කුමාර නැමති ව්‍යාපාරිකයෙක් හා 58 හැවිරිදි මාලනී නන්දා මොලගොඩ නැමති ආයුර්වේද හෙදියක්.

පවුලේ සමාජිකයන් හා අදාළ අඹුසැමි යුවළ මධ්‍යම රාත්‍රිය තෙක් බාබකියු උදුනෙන් මස් පුළුස්සා අනුභව කිරිමෙන් අනතුරුව රාත්‍රී නින්දට යාමේදී බාබකියු උදුන සිය කාමරයට රැගෙන ගොස් ඇත්තේ , පවතින අධික සීතල සමනය කර ගැනීම සඳහායි.

මෙහිදී පොලීසිය සඳහන් කලේ,අදාළ අඹුසැමි යුවල පසු දින අවදි නොවිම හේතුවෙන් පවුලේ සාමජිකයන් විසින් ඔහුන් දෙදෙනා රැදි සිටි කාමරය විවෘත කර බලන අවස්ථාවේදී දෙදෙනාම මියගොස් සිට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නුවරඑලිය පොලීසිය සඳහන් කළා.