ශ්‍රී ලංකාව රනින් සැරසු ශ‍්‍රීමාලී සමරකෝන්
‘‘2022’’ බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ තරඟාවලියේ බර ඉසිලීමේ තරග ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ‍්‍රීමාලී සමරකෝන් සමත් වුණා.
මෙම තරඟාවලිය පසුගිය (25) සිංගප්පූරුවේ දී ආරම්භ කෙරුණා.
ඇය රන් පදක්කම දිනා ගත්තේ,කාන්තා කිලෝ ග‍්‍රෑම් 49 ට අඩු බර පන්තිය යටතේයී.
මෙහිදී ඇය විසින් ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 65 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 86 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 151 ක මුළු බර එකතුවක් සටහන් කළා.