කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් කාන්තාවක් අත්අඩංගුවට
කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා සඳහන් කලේ, රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම සැක සහිත කාන්තාව පරික්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී රුපියල් කෝටි 09කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය හමුවූ බවයි.
අදාළ කාන්තාවගේ ගමන් බෑගයේ සූක්ෂම ලෙස සඟවා තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 532ක් සොයා ගත් බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළා.
මෙම ඉන්දීය ජාතික කාන්තාව ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේ සිට ඩුබායි නගරය හරහා දිවයිනට පැමිණ තිබෙනවා.
අත්අඩංගුවට ගත් අදාළ ඉන්දීය ජාතික කාන්තාව සම්බන්ධයෙන් මුලික විමර්ශන සිදුකිරීමෙන් පසුව වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය වෙත භාරදී තිබෙනවා.