මහ ඇලේ ගසාගෙන ගිය අවුරුදු 2ක දරුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි
නිකවැරටිය ප්රදේශයේ ,මහ ඇලේ ගසාගෙන ගොස් තිබූ වයස අවුරුදු 2යි මාස 8ක පිරිමි දරුවකුගේ සිරුරක් හමුව තිබෙනවා.
අදාළ දරුවාගේ සිරුර ගසාගෙන යමින් තිබියදී ඇලේ පහළ කොටසේ සිටි අයකු දරුවා ගොඩ ගෙන නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බව පොලිසිය සඳහන් කරනවා.
අනතුරින් මෙලෙස මියගොස්ව ඇත්තේ, නිකවැරටිය මහ ඇල අසල බුදුමුත්තාව ප්රදේශයේ පදිංචි ජලීල් හයිෂාන් නැමති කුඩා දරුවෙක්.
අදාළ දරුවාගේ පියා නිකවැරටිය නගරයේ ව්යාපාරික ස්ථානයක රැකියාවක නිරතව ඇති අතර මව සහ දරුවන් නිවසේ රැඳී සිට ඇත.
දරුවාගේ මව මෙම ඇළට ගොස් රෙදි සෝදාගෙන විත් ,රෙදි වියලීමට දමා ,දරුවා ගැන සොයා බැලීමේදී දරුවා නොමැති බව දැන කලබලයට පත්ව සොයා බලා ඇත.
මවගේ කෑ ගැසීමේ ශබ්දයට ඇලේ පහළ කොටසේ සිටි අයකු ඒ පිළිබඳ සොයා බැලීමේදී ගසාගෙන යමින් සිිටි දරුවා ගොඩට ගෙන තිබෙනවා.