මාදම්පේදී කාන්තාවක් දුම්රියට පැන සියදිවි නසා ගනියි
මාදම්පේ පොලිස් වසමේ 43 3/4 සැතපුම් කණුව අසලදී , හලාවත සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියකට පැන කාන්තාවක් සියදිවි හානි කර ගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 45ත් 50ත් අතර පසුවන කාන්තාවක්.
අදාළ කාන්තාව අවසන් වරට ඇඳ සිට ඇත්තේ, රතු මල් සහිත හැට්ටයක් සහ ගුරු පැහැති සායක් බව පොලිසිය සඳහන් කළා.
මරණයට පත් කාන්තාවගේ මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මාදම්පේ පොලිසිය සිදුකරනවා.