Latest News

යුක්‍රේන ජාතික තරුණියකට මෙරටදී ලිංගික අතවරයක්

යුක්‍රේන ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත සැකපිට 29 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දික්වැල්ල පෙහෙඹිය වෙරළ පාරේ,රාත‍්‍රී 09ට පමණ විදුලිය විසන්ධි කරන ලද අවස්ථාවක සිය පෙම්වතා සමග නවාතැන කරා ගමන් කරමින් සිටි අවස්ථාවේදී තරුණියට මෙම අතවරය වී ඇති බව දික්වැල්ල පොලිසිය සඳහන් කළා.

මෙහිදි විදේශ යුවල කෑ ගසමින් ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ අසළ ත‍්‍රීරෝද රථ ගාලක සිටි තරුණයින් පිරිසක් එම ස්ථානයට දිව එද්දී සැකකරු පලාගොස් තිබෙනවා.

කෙසේවෙතත් පොලිසිය සඳහන් කලේ,සැකකරු හදුනාගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු දික්වැල්ල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු ඊයේ (02) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.