Latest News

14 හැවිරිදි දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ ග්‍රාම සේවක අත්අඩංගුවට

බාලවයස්කාර දැරියන් දෙදෙනකුට ලිංගික අතවර කළ බවට සැකකෙරෙන ග්‍රාම නිලධාරිවරයෙකු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා විසින් උපකාරක පන්ති පැවැත්වීමට යැයි පවසමින් අදාළ දැරියන් දෙදෙනා සිය නිවසට ගෙන්වාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස ලිංගික අතවරයට ලක්ව ඇත්තේ,14 හැවිරිදි දැරියන් දෙදෙනෙක්.

සිය වසමේ පුද්ගලයන් විසින් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමාට අපහස කරන බව පවසමින් අදාළ ග්‍රාම නිලධාරියා විසින් අම්බලන්තොට පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අදාළ පැමිණිල්ල මත සිදුකරන විමර්ශනයකදී දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

පසුව සැකකාර ග්‍රාම නිලධාරිවරයා ඊයේ (02) පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී පොලිසිය සඳහන් කලේ,අදාළ දැරියන් දෙදෙනා මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර බවයි.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර ග්‍රාම නිලධාරිවරයා විවාහක පුද්ගලයකු වන අතර ඔහු අද (03) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.