තිදරු මව ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
මතුගම බාලිකා පාරේ නිවසකට කඩා වැදී තිදරු මවකට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු ඊයේ (06) කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මතුගම ශාන් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ඥාති සහෝදරයෙකු බව හෙළිව ඇත.
ඉකුත් (15) වැනිදා මතුගම ගාමිණී මාවතේ පදිංචිව සිටි තිදරු මවක වූ චන්දිමා දිලහානි පෙරේරා (40) යන අයගේ හිසට වෙඩිතබා ඝාතනය කර තිබුණා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධව ආධාර අනුබල දීමට අදාළව ශාන් නමැති අපරාධ කල්ලි නායකයාගේ බිරිඳ ද කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙහිදී පොලිසිය සඳහන් කලේ, අදාළ වැටලීම සිදු කරනු ලැබුවේ ඝාතනය සැලසුම් කර, එයට අනුබල දුන් පුද්ගලයා කළුතර – කැලිඩෝ වෙරළ තීරයේ රැඳී සිටින බවට ලද තොරතුරක් මත බවයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමේ දී ඔහුගේ ගමන් මල්ලේ සඟවාගෙන සිටි ජීව අත් බෝම්බයක් ද සොයා ගෙන තිබුණා.
මෙහිදී සිදුකරනු ලැබූ ප්‍රශ්ණ කිරීමේදී සැකකරු පවසා ඇත්තේ,මතුගම ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙසින් තිදරු මව ඝාතනයට ලක් වූ අතර, විරුද්ධ පාර්ශ්වයෙන් තර්ජනයක් එල්ලවේ යන බියෙන් අත් බෝම්බය ළඟ තබාගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.