Latest News

ලෝක කාන්තා දිනය අදයි – පාසල් 10ක් ජාතික පාසල් වෙයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයෙහි තේමාව වනුයේ ” රටකි දැයකි ලොව ඇය ” යන්නයි.

ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් වැඩසටහන අද පෙරවරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාසල් 10ක් ජාතික පාසල් බවට පත් කෙරෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ එය සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව බෙලිඅත්ත – පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය, බිබිල යශෝධරා බාලිකා විද්‍යාලය, දොම්පේ දේවි බාලිකා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, දංකොටුව බෞද්ධ බාලිකා විද්‍යාලය ඇතුළු තවත් පාසල් ඒ අතර වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ ඒ අනුව මෙරට ජාතික පාසල් සංඛ්‍යාව 495 දක්වා ඉහළ යන බවයි.