Latest News

විෂ මත් ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත – වැල්ලම්පිටිය ප්‍රදේශයේදී විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට සූදානම් කරමින් සිටි කුඩු සෙල්වි නමින් හැඳින්වූ කාන්තාවක් සමග තවත් කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ , 27 හැවිරිදි හා 40 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙක්.

විශේෂ කාර්යය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 – මිලිග්‍රෑම් 350ක් ද කේරළ ගංජා ග්‍රෑම් 32ක් සහ මත්ද්‍රව්‍ය අලෙවි කොට උපයාගත් රුපියල් 15,180ක මුදලක් මෙම සැකකාරිනියන් සන්තකයේ තිබී සොයාගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිදුකරනවා.