පාළු නිවසක තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයා ගැනෙයි
කිරිබත්ගොඩ මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේ පාළු නිවසක තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඊයේ (08) පස්වරුවේ 119 දුරකථන අංකයට ලැබුණ තොරතුරක් මත කිරිබත්ගොඩ පොලීසිය විසින් මළ සිරුර සොයා ගෙන ඇතැයි සඳහන්.
මීට දින හතරකට පමණ පෙර මෙම ඝාතනය සිදුකොට ඇතැයි සැක කෙරෙන අතර මළ සිරුර ටයිල් ගොඩකින් වසා තිබුණ බවත් සිරුර හමුවන අවස්ථාවේදී එය නරක් වී තිබු බවත් පොලීසිය සඳහන් කළා.
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ කාන්තාවක් වන අතර ඇය දුෂණයට ලක්කොට ඝාතනය කර ඇතැයි පොලීසිය සැක පළ කරනවා.
අදාළ කාන්තාව පදිංචිවී සිටි නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා පුද්ගලයෙකු පැමිණ ඇති අතර ඒ පිළිබඳව සීසිටීවි කැමරා ඔස්සේ පරීක්ෂණ කරමින් පවත්වන බව පොලීසිය සඳහන් කරනවා.
මේ අතර මිය ගිය කාන්තාව අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් ප්‍රතිකාර ලබා ගත් බවට සැක කෙරෙන බෙහෙත් තුන්ඩු කිහිපයක් ද මෙම කාන්තාවගේ නිවසේ තිබී හමුවී තිබෙනවා.
අදාළ මෘත ශරීරය මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා කිරිබත්ගොඩ පොලීසිය පරීක්ෂණ සිදුකරනවා.