රට බංකොලොත් වුණේ පාලකයන්ගේ වැරදි නිසයි – හිටපු ජනපති චන්ද්රිකා කුමාරතුංග
ශ්රී ලංකාව මේ වනවිට ආර්ථීක වශයෙන් බංකොලොත් තත්ත්වයකට පත්ව ඇති බවත් එයට හේතුව 2005 සිට 2014 දක්වා කාලය තුළ රටේ පාලකයින් සිදුකළ දූෂිත ක්රියා හේතුවෙන් බවත් හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරනවා.
හිටපු අග්රාමාත්ය දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායකගේ සහ ඇගේ පාලන කාලයේ ඡායාරූප සහ විස්තර ඇතුළත් ග්රන්ථයක් සිරිමාවෝ බණ්ඩාරනායක කෞතුකාගාරයට ප්රදානය කිරීම වෙනුවෙන් ඊයේ (09) පැවති උත්සවයට සහභාගී වෙමින් ඇය මේ බව සඳහන් කළා.