Latest News

නෑනාගේ නිරුවත් ඡායාරූප whatsapp හරහා ප්‍රසිද්ධ කළ කාන්තාවක් අත්අඩංගුවට

සිය සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප whatsapp සමාජ මාධ්‍ය හරහා වෙනත් පුද්ගලයින් සමග හුවමාරු කෙරු කාන්තාවක් , අත්අඩංගුවට ගෙන තිබෙනවා.

32 හැවිරිදි වියේ පසුවූ ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසය මගිනුයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාව සහ නෑනා කලක් සුහඳව සිට මේ වනවිට අමනාපව පසුවන බවත් මොවුන් දෙදෙනාම මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කළා.

තම නිරුවත් ඡායාරූප whatsapp සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබෙන බව පවසා සිද්ධියට මුහුණදුන් කාන්තාව විසින් පරිගණක අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන සිදුකර තිබෙනවා.

මෙහිදී පොලීසිය සඳහන් කලේ,සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.