ශෂී වීරවංශට එරෙහි පාස්පෝට් නඩුවේ තීන්දුව කල්යයි
හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි ව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති විදේශ ගමන් බලපත්‍ර නඩුවේ තීන්දුව ලබා දීම මැයි 06 තෙක් කල් දමා තිබෙනවා.
මෙම නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණා.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා සඳහන් කලේ, එම තීන්දුව මැයි මස (06) වනදා සිදුකරන බවයි.
මෙම අවස්ථාවේදී විත්තිකාර ශෂී විරවංශ මහත්මිය ද අධිකරණය හමුවේ පෙනී සිටියා.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළ බව යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් යහපාලන රජය සමයේ ශෂී විරවංශ මහත්මියට විරුද්ධව මෙම නඩුව ගොනුකර තිබුණා.