වසර 4ක සිට කරන ලද අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් ගුරුවරියකට චෝදනා
පාසල් ගුරුවරියක් විසින් සිසුවෙකු වසර 4ක සිට අපයෝජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ඊයේ (10) දැනුම් දී තිබෙනවා.
මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ, කොළඹ ප්රධාන පෙලේ පාසලක සිසුවෙකු වන අතර එම සිසුවා මේ වන විට 20 හැවිරිදි වියේ පසුවනවා.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ, 34 හැවිරිදි වියේ පසුවන පාසල් ගුරුවරියක්.
එවකට 16 හැවිරිදි වියේ පසුවූ අදාළ සිසුවා සහ ගුරුවරිය වාර්ෂික ක්රිකට් තරගයකදී මුණගැසී ඇති අතර පසුව මෙම ගුරුවරිය හා අදාළ සිසුවා වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
ඉන් අනතුරුව අදාළ ගුරුවරිය විසින් පාසලේ පරිගනක කාමරය තුළදී සිසුවා ලිංගික කටයුතු සඳහා පොළොඹවා ගනිමින් අපයෝජනයන් සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
අදාළ ගුරුවරිය සමග සිසුවා 60 වතාවක් පමණ ගල්කිස්ස ප්රදේශයේ ප්රධාන පෙලේ හෝටලයක් වෙත ද ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර ගුරුවරිය විසින් සිය හැඳුනුම්පත භාවිත කරමින් අදාළ හෝටලයේ වෙන් කිරීම් සිදුකර ඇතැයි ද වාර්තා වනවා.