අනාරක්ෂිත වගා ළිඳකට වැටී පාසල් සිසුවකු මරුට
අනාරක්ෂිත වගා ළිඳකට වැටී පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස ඇත්තේ, බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතු යායේ පදිංචි භාරත් දර්ශන් නැමැති 18 හැවිරිදි පාසල් සිසුවෙක්.
ඔහු බගවන්තලාව ශාන්ත මරියා ජාතික පාසලේ 13 වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙක්.
මෙම සිසුවා පසුගිය (13) වනදා පාසලේ පැවති ක්‍රිකට් තරගාවලියක් නැරඹිමට ගිය බවත් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු පිළිබඳ සොයා බැලු බවත් දෙමව්පියන් පවසනවා.
ඔහු අදාළ ක්‍රිකට් තරගය නැරඹීමට නොපැමිණි බවට ඔහුගේ මිතුරන්ගෙන් ලද තොරතුරු මත දෙමව්පියන් විසින් නිවස අවට සෝදිසි කර තිබෙනවා.
එලෙස සෝදිසි කිරීමේදී නිවස අසල තිබු භාවිතයට නොගන්නා අඩි 6 ½ පමණ ගැඹුරකින් යුත් වගා ළිඳකට වැටී සිටියදි සිසුවාගේ සිරුර හමුවී තිබෙනවා.
ඒ වනවිටත් මළ සිරුර හිස පහළටත් දෙපා ඉහළටත් වගා ළිඳ තුල තිබු බව පැවසෙනවා.
බගවන්තලාව පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.