Latest News

තම දියණියට පහරදුන් පියාට ඔහුගේම පුතුගෙන් මරුපහරක්

දහවල් ආහාරය සඳහා සකස් කර තිබූ ව්‍යංජනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් තම දියණියට අමානුෂික ලෙස පහර දුන් පියාට, ඔහුගේම පුතු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි.

කොච්චිකඩේ, ගැමුණු මාවත, බටහිර කටාන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ 22 හැවිරිදි පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිය ගිය පියා විසින් බීමතින් නිවසට පැමිණ,දහවල් ආහාරය සඳහා සකස් කර තිබූ ව්‍යංජනයක් සම්බන්ධයෙන් ඔහුගේ දියණිය සමග ආරවුලක් ඇතිකර ගනිමින් දියණියට පහරදී ඇති බවත් ඔහුගේ පුතා එය වැළැක්වීමට තියුණු ආයුධයකින් සිය පියාට පහර දී ඇති බවත් පොලීසිය සඳහන් කරනවා.

පහරකෑමට ලක්වූ පියා බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොච්චිකඩේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.