අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240ක් සමගින් තරුණියක් අත්අඩංගුවට
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් “අයිස්” වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ , මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක්.
අදාළ කාන්තාවගේ නිවසේ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.
ඉන්දියාවේ සිට තලෙයිමන්නාරම ප්‍රදේශයට රැගෙන එන ලද අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය විශාල තොගයකින් ඉතා සුළු කොටසක් මෙම කාන්තාවට අලෙවි කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ලබා දී ඇති බව පොලීසිය මෙතෙක් සිදු කළ පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.