විවාහය අතරතුර මනාලයාගේ ගෙල කපා ඝාතනය කරයි
විවාහ මංගල උත්සවයක් අතරතුරදී මනාලයාගේ ගෙල කපා ඝාතනය කර සිද්ධියක් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මනාලියගේ පළමු විවාහයේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ, 51 හැවිරිදි මොහාමඩ් ශ්‍යාබිඩීන් නම් ත්‍රිරෝද රථ රියදුරෙක්.
ඝාතනය සිදුකළ පුද්ගලයා 49 හැවිරිදි වියේ පසුවන අතර ඝාතනයට යොදාගත් තියුණු ආයුධයත් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මංගල උත්සවය මියගිය පුද්ගලයාගේ නිවසේ පවත්වා ඇති අතර එම අවස්ථාවේදී මනාලියගේ පෙර විවාහයේ සැමියා පැමිණ මනාලයා සමග ඇතිකර ගත් ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කලේ.
මනාලිය මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයට පළමු විවාහයේ දියණියක් ද සිටිනවා.
අදාළ කාන්තාව කාර්ති උසාවිය හමුවේදී සිය පළමු විවාහයෙන් වෙන්වී ඇති අතර සැකකරු ඉන් අනතුරුව මොරටුව,සොයිසාපුර ප්‍රදේශයේ නිවසක ජීවත්ව සිට තිබෙනවා.