Latest News

රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේන රංගන ශිල්පිනියක් මරුට

යුක්‍රේන රංගන ශිල්පිනියක් වන Oksana Shvets රුසියානු රොකට් ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කියුව් අගනුවර නිවාස සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් ඇය මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඇය 67 වන වියේ පසු වුණා.

Oksana Shvets යුක්‍රේනයේ කලාකරුවන් සඳහා පිදෙන ඉහළම සම්මානයෙන් ද පිදුම් ලබා තිබෙනවා.