ළමා නිවාසෙක දැරියන් දෙදෙනෙක් වස බොයි
පාලිකාවගේ හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව ළමා නිවාසෙක දැරියන් දෙදෙනෙකු විෂ සහිත ඇට වර්ගයක් කෑම හේතුවෙන් අසාධ්‍යව මුලතිව් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ, මුලතිව් මුල්ලියාවලෙයි භාරතී ළමා නිවාසයේ දැරියන් දෙදෙනකුයි.
අදාළ දැරියන් දෙදෙනා වයස අවුරුදු 13 හා 14වියේ පසුවනවා.
පසුගිය 15 වැනිදා ළමා නිවාසයේ පාලිකාව බැන වැදීම හේතුවෙන් දැරියන් දෙදෙනා පාසලට ගොස් විෂ සහිත ඇට වර්ගක් කෑමට ගෙන තිබෙනවා.
මේ අතර ළමා නිවාසයේ පාලිකාවගේ වධ හිංසා ඉවසා ගැනීමට නොහැකිව මීට සතියකට පමණ ඉහත දී ළමා නිවාසයේ දැරියන් පස්දෙනකු ළමා නිවාසයෙන් පලා ගොස් තිබෙනවා.
යුද්ධය හේතුවෙන් දෙමවුපියන් හා ඥාතීන් අහිමි වී ගිය පවුල්වල දැරියන් පිරිසක් මෙම ළමා නිවාසයේ ජිවත් වනවා.
එම ළමා නිවාසය පවත්වා ගෙන යන්නේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයකු වන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ගේ අධීක්ෂණය යටතේයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධව මුලතිව් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.