පෙම්වතියගේ ගෙළ සිරකර කැළණි ගඟට දැමු තරුණයා
තම පෙම්වතියගේ ගෙළ සිරකර ඝාතනය කර ඇගේ මළ සිරුර මෝටර් රථයකින් රැගෙන ගොස් කැළණි ගඟට දමා තිබියදී සොයා ගත් පුවතක් ගම්පහ – දොරනාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය – සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක්.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ,සැකකරු සහ මිය ගිය තරුණිය වසර 5ක කාලයක සිට පෙම්වතුන් ලෙස සිට ඇති බවයි.
අදාළ සැකකාර තරුණයා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය (16) වනදා එම තරුණිය අදාළ සැකකරුගේ නිවසට මෝටර් රථයකින් රැගෙන ගොස් අතර එහිදී දෙදෙනා අතර ඇති වූ ආරවුලකදී එම පුද්ගලයා අදාළ තරුණියගේ ගෙළ ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඇගේ මළ සිරුර මෝටර් රථයෙන්ම වැල්ලම්පිටිය – කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට දමා ඇති බවයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කලේ.
කෙසේවෙතත් අදාළ තරුණියගේ අතුරුදන් වීම පිළිබඳ පැමිණිලි කිරීමට ඇගේ දෙමව්පියන් වැල්ලම්පිටිය පොලීසිය වෙත ගොස් ඇති අතර අදාළ සැකකරු ඔවුන් සමග පොලීසියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.