ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයට වික්ටෝරියා නූලන්ඩ් දිවයිනට
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අද (22) දිවයිනට පැමිණියා.
ඒ ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයටයි.
ඒ අනුව එතුමිය මාර්තු 22 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙහිදී ඇය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් හමුවීමට ද නියමිතයි.
එමෙන්ම අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සහ නූලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ සිව්වැනි සැසිවාරයේ සම සභාපතිත්වය ද දරනු ලබනවා.
මෙවර මෙම සැසිවාරය මාර්තු 23 වෙනි බදාදා විදේශ අමාත්‍යංශයේදී පැවැත්වෙනු ඇති.
කෙසේවෙතත් ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදය අවසන් වරට පවත්වන ලද්දේ 2019 වසරේ වොෂින්ටන් හිදීයි.
මේ අතර නූලන්ඩ් මහත්මිය හා ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය අතර හමුවක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.