Latest News

අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් සොයා ගැනෙයි

අඹගස්දෝව පොලිස් බල ප්‍රදේශයට අයත් කටුගල්ල ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ,38 හැවිරිදි තිදරු මවක්.

මෙහිදී පොලිසිය සඳහන් කලේ, අදාළ කාන්තාව මියගොස් තිබුණේ සිය මවගේ නිවසට ආසන්නයේ තිබූ ඇය මින් පෙර වාසය කළ නිවාසක බවයි.

මෙම කාන්තාව ස්වාමියාගෙන් වෙන්වී දරුවන් සමග ඇයගේ මවගේ නිවසේ ජීවත්ව සිට තිබෙනවා.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර වැඩිදුර විමර්ශන අඹගස්දෝව පොලිසිය සිදු කරනවා.